හිපන්කන්ද ගා/විද්‍යා සමාධි මහ පිරිවෙන වෙබ් අඩවිය මේ අයුරින් නිර්මාණය වන්නේ අප පිරිවෙන් ආයතනයේ සිදු වන කටයුතු හා පිරිවෙන් ක්ෂේත්රය තුළ ඇති කාලීන තොරතුරු ඔබ වෙත සංනිවේදනය කිරීමේ අරමුණිනී. පිරිවෙන් ක්ෂේත්රයට පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්රයේ ඇති බොහෝ තොරතුරු අපගේ මෙම වෙබ් අවකාශය තුළින් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි. පිරිවෙන් ආයතනයේ පන්ති අනුව විෂයන් අනුව පෙළ පොත් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ලේඛන ආදිය අවශ්‍ය වූ විට ඒවා පහසුවෙන් මෙම වෙබ් අඩවිය තුළින් ලබාගැනීමට පුළුවන්කම ලැබෙනු ඇත. මෙම වෙබ් අඩවියෙන් පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන් ම ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් කටයුතු පහසු කරවීමේ අරමුණින් එම විෂයයන්ට අදාළව පාඩම් මාලා එක් කිරීමට ඉදිරියේදී අප බලාපොරොත්තු වේ. එසේ ම ශිෂ්‍ය දරුවන්ගේ විවිධ දක්ෂතාවයන් සහ නව නිර්මාණ දේශන කුසලතාවයන් ලෝකයා අතර බෙදාදීම අපගේ අරමුණයි අප මෙම හිපන්කන්ද ගා/විද්‍යා සමාධි මහ පිරිවෙන් වෙබ් අඩවිය 2019 ජනවාරි මස 26 වන දින හිපන්කන්ද ශ්‍රී පාද මහා විහාරාධිපති ගා/විද්‍යා සමාධි මහ පිරිවෙන් කෘත්‍යාධිකාරී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සුධර්මා කාරක සංඝ සභික ගාලූ දිසාවේ අධිකරණ සංඝ නායක අතිපූජ්‍ය ඇඹිලිපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අතිගරු නාහිමිපාණන් වහන්සේගේ පින්බර සුරතින් විවෘත කරන ලද බව ඉතා සතුටින් සිහිපත් කරමි
විශේෂයෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ දී මේ සදහා නන් අයුරින් සහයෝගය ලබා දෙමින් ක්‍රියා කළ අප සහෝදර ශිෂ්‍ය හිමිවරුන්ටත් දායක පින්වතුන්ටත් පුණ්‍යාණුමෝදනා පූර්වක ස්තූතිය පුද කරමි.