හිපන්කන්ද ගා/ විද්‍යා සමාධි මහ පිරිවෙන් ඉතිහාසය
ශි‍්‍ර ලංකා ධරණී තලය තූළ මිහිදු මහ රහතන් වහන්සේ විසින් දායාද කළ නිරමල සම්බුදු දහම දිනෙන් දින වර්ධනය වෙත්ම ප්‍රථම පිරිවෙන ලෙස අනුරාධපුර මහාවිහාර පිරිවෙන ආරම්භ විය. එතැන් පටන් ආරම්භ වී පැතිරී ගිය පිරිවෙන් ඉතිහාසයේ වැදගත් අවස්ථාවන් ලෙස කෝට්ටේ යුගයේ බිහිවූ පිරිවෙන් පහ පෙන්වා දිය හැකිය. ඉනික්බිතිව විද්‍යෝදය , විද්‍යාලංකාර මහ පිරිවෙන් ආරම්භ වූ අතර එ්වායෙහි ශාඛා පිරිවෙන් රට පුරා විහිදී ගියහ.
සූර වීර උදාර ¥ පුතූන් රැුසක් ලක් මවුනට දායාද කළ රුහුණු රට ගාලූ පුර කරන්දෙණිය ප්‍රදේශයට අයත් හිපන්කන්ද නම් රමණීය ගම්මානයෙහි ගා/ විද්‍යා සමාධි මූලික පිරිවෙන නමින් 1987 ජූලි මස 22 වන දින දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කාරක සංඝ සභික හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලදි. එම පිරිවනේ ආරම්භක පරිවෙනාධිපති හිමියන් ලෙස මොලිගමුවේ ධම්මවිමල හිමියන් පත් විය. ආරම්භයේදී ගූරු භවතූන් 06 ක් සහ ශිෂ්‍ය සංඛ්‍යව 13 කින් සමන්විත වූහ. ඉන් අනතූරුව වැයිහේනේ පඤ්ඤාකිත්ති හිමි , ගොඩමුන්නේ පියරතන හිමි පරිවේනාධිපතීන් ලෙස කටයුතූ කළහ.
එලෙස ආරම්භ කෙරූ ගා/ විද්‍යා සමිධි මූලික පිරිවෙන 2003 ඔක්තෝබර් මස 20 වන දින මහ පිරිවෙනක් ලෙස පත් කෙරිනි. මෙසේ මහ පිරිවෙනක් බවට පත්වන විට ගූරු භවතූන් 09 කින් සහ ශිෂ්‍ය සංඛ්‍යාව 80 කින් සමන්විත වූහ. ඒ වන විට කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේ ලෙස පූජ්‍ය ඇඹිලිපිටියේ රාහුල නාහාමිපාණන් කටයුතූ කළ අතර එහි පරිවේනාධිපති හිමි ලෙස නවදගල උපාලි නාහිමියන් කටයුතූ කළේය.
එවක් පටන් මේ දක්වාම විජයග්‍රාහී ගමන් මගක යමින් සුවිශේෂී ලබා ගන්නට ගා/ විද්‍යා සමාධි මහ පිරිවෙන් මාතාව සමත් විය. ඒ අතර ගාල්ල දිස්ති‍්‍රක් භාෂා හා සාහිත්යඥාන තරගාවලියේ 2010 වර්ශයේ සිට 2018 දක්වා වර්ෂ 09 ක් අඛන්ඩව සියලූ පිරිවෙන් අභිබවා ප්‍රථමස්ථානය හිමිකර ගන්නටත් සමස්ත ලංකා භාෂා හා සාහිත්යඥාන තරගාවලියේ 2015 , 2016 , 2017 වර්ෂයන්හි සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය දිනා ගැනීමට වරම් ලදහ.
මේ සියලූ කාර්්‍යයන්හි පුරෝගාමී නායකත්වය වර්තමාන කෘත්යාධාකාරී ජූජ්‍ය ඇඹිලිපිටියේ රාහුල නාහිමිපාණන්ද , පරිවේනාධිපති පූජ්‍ය කොස්ගොඩ සිරි චන්දිම නාහිමිපාණන් වහන්සේ ඇතූලූ ආචාර්ය මණ්ඩලය ස`දහන් කළ හැකිය.
එසේම වර්තමානය වන විට ගා/ විද්‍යා සමාධි මහ පිරිවෙනේ ගූරු භවතූන් 15 ක්ද ශිෂ්‍ය සංඛ්‍යාව 156 කින් සමන්විත වේ. තවද නේවාසිකව 60 නමක් පමණ දහම් අධ්‍යාපනය හදාරන්නේය. තවද පිරිවෙන තූළ ශිෂ්‍යයන්ගේ දැනුම , කූසලතා , ආකල්ප වර්ධනය පිණිස වාර්ෂිකව උත්සව හා වැඩසටහන් සංවිධානය වේ. ඒ අතර
ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය
ගූරු උපහාර
බුදු පුත් මව්පිය සම්භාවනා
විෂයානුබද්ධ ශිෂ්‍ය සමිති
සම්බුද්ධ වන්දනා වෙසක් උත්සවය
නිවාසාන්තර තර`ග
අලූත් අවුරුදු නැකැත් මංගල්‍යය (බක් මහ උළෙල)
ලෝක ළමා දින සැමරුම් උත්සවය
ජාතික නිදහස් උත්සවය
ආදිය පෙන්වා දිය හැකිය.
එසේම ක්රමානුකූල , සැලසුම්ගත ඉගැන්වීම් ක්‍රම ඔස්සේ ශිෂ්‍යයන්ගේ දැනුම , කුසලතා , ආකල්ප වර්ධනයට කටයුතූ කරන්නේය. එම නිසාම සමස්ත ලංක ාසියලූ පිරිවෙන් අතර ඉතා ඉහළ මට්ටමක පිරිවෙන ර`දවා ගන්නට හැකියාව ලැබී ඇත.